දැනුම්දීම හා සේවය අවසන් කිරීම

This page was last updated on: 20-05-04

දැනුම්දීමේ අවශ්‍යතාවය

පහත සඳහන් කරුණු මත සේවායෝජකයා විසින් සේවානියුක්ති ගිවිසුම අවසන් කළ හැකිය;  විනය හේතු, විනය නොවන හේතු, මරණය, නිතිය ක්‍රියාත්මක කිරීම (මෙම කාණ්ඩයට ඇතුළත් වන්නේ ගිවිසුම ගැන කලකිරීමෙන් සහ සේවා ඉටුකිරීමට නොහැකිවීම වැනි සාධක මත සේවා නියුක්ති ගිවිසුම අවසන් කිරීම) හෝ සේවයෙන් අස්වීම, සේවය හැර යාම හෝ රැකියා අත්හැරීම වැනි විවිධ හේතු මත සිදු විය හැකි සේවකයා විසින් සිදු කරනු ලබන ක්‍රියාවන්, නිශ්චිත කාල ගිවිසුම්වලදී ගිවිසුමෙහි සඳහන් කර ඇති පරිදි නිශ්චිත ගිවිසුම් කාල පරිචඡේදය අවසන් වීමෙන් ගිවිසුම අවසන් වේ.

සේවය අවසන් කිරීමේ පනතෙහි නියමයන් ප්‍රකාරව කිසියම් සේවකයෙකු විනය හේතු මත සේවයෙන් පහකරන ලබන අවස්ථාවකදී හැර අනෙකුත් හේතු මත සේවයෙන් පහ කිරීමේදී සේවායෝජකයා විසින් එම හේතුව  සේවකයාට දැනුම්දීය යුතු වේ. කෙසේ වුවද සේවය  අවසන් කිරීමේ පනත මගින් ආවරණය කරනු ලබන කිසියම් සේවකයෙකු විනයමය නොවන හේතුවක් මත සේවයෙන් පහකරනු ලැබීමකදි සේවකයාගේ පූර්ව ලිඛිත කැමැත්ත හෝ කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත පූර්ව අනුමැතිය ලබාගැනීමකින් තොරව එය සිදු කළ නොහැකිය. කෙසේවුවද පහත සඳහන් අවස්ථාවලදී ලිඛිත අනුමැතිය ලබාගැනීම අවශ්‍ය  නොවේ. සේවකයන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීම, පත්වීම් ලිපියෙහි පැහැදිලිව සඳහන් දිනයේදී විශ්‍රාම ගැනීම, සාමූහික ගිවිසුමක විධිවිධාන පරිදි විශ්‍රාම ගැනීම, නිශ්චිත කාල පරිච්ඡේදය අවසන් වි සේවය අවසන් කිරීම, නීතිය ක්‍රියාත්මක වීම මගින් සේවය අවසන් වීම. මෙම විධිවිධාන "නියමිත රැකියා" සඳහා පමණක් අදාළවේ, උදාහරණ., සාප්පු සහ කාර්යාල සේවක පනත යටතේ වැටෙන රැකියා කොන්ත්‍රාත්තුව, වැටුප් පාලක සභා ආඥා පනත සහ කර්මාන්ත ශාලා පනත අදාළ වේ.

සේවකයෙකුගේ සේවය අවසන් කිරීමේදී  සේවය අවසන් කිරීම පිළිබඳ දැනුම්දීමට නීතිය මගින් නියම කර ඇත. කෙසේ වුවද නීතිය මගින් අවධානය යොමු කරනු ලබන්නේ පුද්ගල සේවය පහ කිරීම් වලට වඩා සාමූහික  ලෙස  සේවය අවසන් කිරීම් පිලිබඳව පමණි. සේවකයන්ගේ සේවය අවසන් කළ හැක්කේ අවම වශයෙන්  මාසයකටත් කල් ඇතිව දැනුම්දීම මගිනි. සේවකයෙකු මෙම එක් මාසික දැනුම්දීම සඳහා  සුදුසුකම් ලබන්නේ එක් අවුරුද්දක සේවා කාලය සම්පූර්ණ කළ විටදී පමණි. එක් අවුරුද්දකට වඩා අඩු සේවා කාලයක්  සහිත සේවකයෙක් මෙකී දැනුම්දීම ලැබීමට සුදුසුකම් නොලබයි.

මූලාශ්‍රය :   1950 කාර්මික ආරවුල් පනත -  31 වගන්තිය

සේවය අවසන් කිරීමේදී සිදුකරනු ලබන ගෙවීම්

සේවකයින් 15 දෙනෙකු  හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයෙහි යොදවන සේවායෝජකයෙකු යටතේ අවුරුදු 5 ක  සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයෝ සේවය අවසන් කරනු ලැබීමකදී පහත සඳහන් අනුපාතවල පාරිතෝෂික ලබාගැනීමට හිමිකම් ලබති.  (සේවායෝජකයා හෝ සේවකයා විසින් සේවය අවසන් කිරීම, සේවකයා මරණයට පත් වීම හෝ විශ්‍රාම යෑම මත සේවය අවසන් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයක් මගින් සේවය අවසන් කිරීම)

  1. මාසික වැටුප් ලබන  සේවකයෙකු සම්පූර්ණ කරන ලද එක් එක් සේවා වසර සඳහා මාස භාගයක වේතන හෝ වැටුප්

  2. අනිකුත් සේවකයන් සඳහා සම්පූර්ණ කරන ලද එක් එක් වසර සේවය සඳහා දින 14 ක වැටුප

සේවය අවසන් කිරීමට හේතුව කවරක් වුවද (එනම් ඉල්ලා අස්වීම, සේවයෙන් පහකිරීම, විශ්‍රාම ගැනීම, සේවකයාගේ මරණය, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ වෙනත් ආකාරයකින්) සෑම අවස්ථාවකදී මෙම මුදල ගෙවිය යුතු වේ. එය රඳවාගත හැක්කේ ඇතැම් පටු ලෙස අර්ථකථනය කළ අවස්ථාවලදීය.

කම්කරු සේවා නියුක්තිය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත, 1975  යටතේ  අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට ගෙවීම් සඳහා විධිවිධාන ඇත. ඕනෑම ව්‍යාපාරයක් වසා දැමීම හේතුවෙන් සේවය අත්හිටවූ අවස්ථාවක දී මෙම පනත උල්ලංඝනය වන පහත වන්දි සූත්‍රය අනුව සේවායෝජකයා විසින් නැවත සේවයේ පිහිටුවනු වෙනුවට වන්දි මුදල් පමණක් ගෙවිය යුතු ය:

  1. 1 වන වසර සිට 5 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 12.5) වසරකට මාස 2.5 වැටුප්;
  2. 6 වන වසර සිට 14 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 30.5) වසරකට මාස 2 වැටුප්;
  3. 15 වන වසර සිට 19 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 38) වසරකට මාස 1.5 වැටුප්;
  4. 20 වන වසර සිට 24 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 40) වසරකට මාස 1 වැටුප්; සහ
  5. 25 වන වසර සිට 34 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 48) වසරකට මාස 0.5 වැටුප්

මූලාශ්‍රය: පාරිතෝෂිත ගෙවීම් පනත; කම්කරු සේවා නියුක්තිය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත, 1975 - 5 සහ 6 නීති සංග්‍රහ

Loading...