ළමයින් සේවයෙහි යෙදවීම

This page was last updated on: 20-05-04

සේවයෙහි යෙදවීම සඳහා අවම වයස

කාන්තාවන් තරුණ පුද්ගලයන් හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතෙහි විධිවිධාන අනුව ළමයෙකු යනු අවුරුදු 14කට වඩා අඩු තැනැත්තෙක් වේ.   පනත මගින් ප්‍රතිපාදන සලසා ඇති  තත්ත්වයන්හිදී හැර ළමයින් සේවයෙහි යෙදවීම පනත මගින් තහනම් කර ඇත. සාප්පු හා කාර්යාල සේවක පනතෙහි 10 වන වගන්තිය මගින්ද අවුරුදු 14ට වඩා අඩු ළමයින් සේවයෙහි යෙදවීම තහනම් කර ඇත.

කර්මාන්ත ශාලා ආඥා පනත අනුව වයස අවුරුදු 16-18 අතර සේවකයන් සඳහා සාමාන්‍ය වැඩ කරන පැය ගණන දිනකට පැය 12කට වඩා වැඩි නොවිය යුතුය. ප.ව. 6 ත් පෙ.ව. 6 ත් අතර ඔවුන් සේවයෙහි යෙදවීමට අවසර දෙනු නොලැබේ. අතිකාල කාලයද ඇතුළුව සතියකට වැඩ කරන උපරිම පැය ගණන 60 කි.

1973 අංක 4 දරණ පතල් හා ඛනිජ පනත මගින් අවුරුදු 16 ට වඩා අඩු තරුණ පුද්ගලයන් පොළව යට කිසිදු පතලක සේවයෙහි යෙදවී තහනම් වේ. යෝග්‍යතා තත්ත්වයන් සමග කම්කරු අමාත්‍යංශය විසින් නිකුත් කරන  ලද 2010 අනතුරු  සහිත වෘත්තිය නිර්ණායක කොන්දේසි සපුරාලනු ලබන්නේ නම් පමණක් වයස අවුරුදු 16-18 තරුණ සේවකයන් පතල්වල සේවයෙහි යෙදවීමට අවසර ලබා දෙනු ලැබේ.

වයස අවුරුදු 14ට වඩා අඩු ළමයින් සාප්පුවක හෝ කාර්යාලයක සේවයෙහි යෙදවීම සාප්පු හා කාර්යාල සේවක පනත මගින් තහනම් කර ඇත. යම් යම් විශේෂිත රැකියාවලදී හැර වයස අවුරුදු 14-18 අතර පිරමි දරුවන් පෙ.ව. 6 ට පෙර සහ ප.ව. 6 ට පසු සේවයෙහි යෙදවිය  නොහැකි බව පනත තවදුරටත් සඳහන් කරයි.

කාන්තාවන් තරුණ පුද්ගලයන් සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතෙහි විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන දඩුවම් සිදු කරන ලද වරද මත පදනම් වේ.  මුදල් දඩය රු. 5000 සිට 10,000  දක්වා වන අතර අවම වශයෙන් මාස 12ක සිර දඩුවමක් හෝ යම් යම් අවස්ථාවේදී  සිර දඩුවම හා දඩය යන දෙකමද පැනවිය හැකිය.

අනතුරුදායක රැකියාවන්හි යෙදවීම සඳහා අවම වයස

වයස අවුරුදු 18ට වඩා අඩු තරුණ පුද්ගලයන් සේවයෙහි යෙදවීම තහනම් වේ. තරුණ පුද්ගලයන් සේවයෙහි යෙදවීම තහනම් කර ඇති අනතුරුදායක වෘත්තින් / ක්‍රියාකාරකම් ලැයිස්තුවක් රජය විසින් නිකුත් කර ඇත. තරුණ පුද්ගලයන් රාත්‍රී කාලයේදී සේවයෙහි යෙදවීමද තහනම් වේ. අනතුරුදායක රැකියා කටයුතු ලැයිස්තුවක් රජය විසින් නිකුත් කර ඇති අතර වයස අවුරුදු 18 ට වඩා අඩු ළමයින් සේවයෙහි යෙදවිම තහනම් වන වෘත්තින් සහ/හෝ සේවා තත්ත්ව 51 ක් ඊට ඇතුලත් වේ. සතුන් මැරීම, පලිබෝධ නාශක නිෂ්පාදනය හා භාවිතය, මත්පැන් නිෂ්පාදනය ප්‍රවාහනය සහ අලෙවිය, මත්පැන් හල් හා කැසිනෝ ශාලාවල සේවය, පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය හා අලෙවිය, ගැඹුරු මුහුදේ මසුන් මැරීම, පතල් හා පොලව යට සිදු කරන රැකියා, මගීන් හෝ බර භාණ්ඩ ප්‍රවාහනය, කිමිදීම, ප.ව. 8 ත් පෙ.ව. 6 ත් අතර රාත්‍රී කාල සේවය මීට අයත් වේ.

මූලාශ්‍රය : 1956 කාන්තාවන් තරුණ පුද්ගලයන් හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත 20(අ) වගන්තිය, 1954 සාප්පු හා කාර්යාල සේවක පනත 2010 අනතුරුදායක වෘත්තිය රෙගුලාසි

ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි :

  • 1954 සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත / கடைகள் மற்றும் அலுவலக பணியாளர்கள் சட்டம் 1954 (வேலைவாய்ப்பு மற்றும் ஊதியம் பற்றிய ஒழுங்குவிதிகள்) / Shop and Office Employees (Regulation of Employment and Remuneration) Act, 1954
  • 1956 කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමයින් සේවයෙහි යෙදවීම පිලිබඳ පනත / 1956 ஆம் ஆண்டு பெண்கள் மற்றும் இளம் ஆட்கள் மற்றும் சிறுவர்களை வேலைக்கு அமர்த்துவது மீதான சட்டம் / Employment of Women, Young Persons and Children’ Act, 1956
  • අනතුරු සහිත වෘත්තිය රෙගුලාසි 2010 / 2010 ஆண்டு அபாயகரமான தொழில் ஒழுங்குவிதிகள் / Hazardous Occupations Regulations, 2010
Loading...