සේවා ස්ථානය තුළදී සිදුවන ලිංගික අතවර

This page was last updated on: 20-05-04

සේවා ස්ථානය තුළදී සිදුවන ලිංගික අතවර

ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහය අනුව බලධාරියෙකු විසින් සේවා ස්ථානයකදී සිදු කරනු ලබන අනාරාධිත ලිංගික පෙළඹවීම් ලිංගික අතවර ලෙස සලකනු ලැබේ. ලිංගික අතවර සම්බන්ධයෙන් වරදකරු වන තැනැත්තකුට අවුරුදු 5 ක් දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එම දඩුවම් දෙකෙන්ම දඩුවම් පැමිණවිය හැකි වේ.  ලිංගික හිරිහැරයට ලක් වූ  තැනැත්තාට සිදුවූ තුවාල වෙනුවෙන් අධිකරණය විසින් නිගමනය කරන ලද මුදලක්  ගෙවන ලෙස ද එකී තැනැත්තාට නියෝග කරනු ලැබිය හැකිය.

මූලාශ්‍රය :   1865 ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය   345 වගන්තිය

Loading...