ආරක්ෂාව

This page was last updated on: 20-05-04

හානිදායක වැඩ නොපැවරීම

(1939 මාතෘ ප්‍රතිලාභ ආඥා පනත සහ 1954 සාප්පු හා කාර්යාල සේවක පනත මගින් ආවරණය ලබන) ගර්භනි සේවිකාවන් දරු ප්‍රසූතිය සිදුවීම අපේක්ෂිත දිනට මාස 3කට පෙර කාල පරිච්ඡේදය තුළදී එම සේවිකාවගේ හෝ ඇයගේ දරුවාගේ සෞඛ්‍යයට හානිදායක වන කිසිදු ආකාරයක කාර්යයක් සිදු කිරීම සඳහා සේවයෙහි යෙදවීම නොකළ යුතුය. දරු ප්‍රසූතිය සිදුවී මාස  3 කාලය තුළ සේවයෙහි යෙදවීමේදී ද එහි සීමා කිරීම් බලපවත්වනු ලැබේ. 

මූලාශ්‍රය :  1939 මාතෘ ප්‍රතිලාභ ආඥා පනත   10 (ආ) වගන්තිය 1954 සාප්පු හා කාර්යාල සේවක පනතෙහි  18(ආ) වගන්තිය

සේවයෙන් පහය කරනු ලැබීමෙන් ආරක්ෂා වීම

මාතෘ ප්‍රතිලාභ ආඥාපනත සහ සාප්පු හා කාර්යාල සේවක පනත ප්‍රකාරව සේවා නියුක්තියේ සියලුම අංශවලදී  ගර්භනීභාවය හෝ ඇයගේ ගර්භනිභාවය හා සම්බන්ධ වෙනත් කිසියම් හේතුවක් මත  සේවායෝජකයෙකු විසින් කාන්තා සේවිකාවක සේවයෙන් පහකරනු ලැබීම නීතිවිරෝධී වේ. ගර්භනී කාලය තුළදී හා මාතෘ නිවාඩු සහිත කාලපරිච්ඡේදය තුළදී සේවිකාවකගේ රැකියා සුරක්ෂිත බව එමගින් තහවුරු කරනු ලැබේ.

මූලාශ්‍රය :  මාතෘ ප්‍රතිලාභ ආඥා පනත 10 වගන්තිය සාප්පු හා කාර්යාල සේවක පනත 18 (ඇ) වගන්තිය

එම තනතුරම ආපසු ලබාගැනීමේ අයිතිය

මාතෘ ප්‍රතිලාභ  පනත සහ සාප්පු හා කාර්යාල සේවක පනත ප්‍රකාරව සේවිකාවක මාතෘ නිවාඩු ලබා සිටින කාල  පරිච්ඡේදය තුළදී ඇය වෙත තමා සේවයෙන් පහ කළ බවට දැනුම්දීමක් සිදු කළ නොහැකිය. එමගින් සේවිකාවන් හට නැවත සේවයට පැමිණීමේ අයිතිය ලැබෙන මුත් එය කලක් දැරූ තනතුරටම වීම අවශ්‍ය නොවේ. 

මූලාශ්‍රය :  මාතෘ ප්‍රතිලාභ ආඥා පනත 10 වගන්තිය සාප්පු හා කාර්යාල සේවක පනත 18 (ඈ) වගන්තිය

Loading...