සේවය කිරීමේදී සාධාරණ ලෙස සැලකීම

This page was last updated on: 20-05-04

සමාන වැටුප් ගෙවීම

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලුම පුද්ගලයෝ නීතිය ඉදිරියේදී සමාන වන අතර නීතිය මගින් සමාන ආරක්ෂාව ලැබිමට හිමිකම් ලබති. අනිකුත් වෙනත් හේතු මත හැරුණු විට ස්ත්‍රී පුරුෂ භාවය මත ද වෙනස් කොට සැලකීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහනම් කර ඇත. කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ වෙනත් කිසියම් කම්කරු නීතියක් තුළ  සමාන වටිනාකමක් සහිත සේවා සඳහා සමාන ලෙස වැටුප් ගෙවිය යුතු බවට වන ප්‍රතිපාදන අපට සොයා ගත නොහැකි වේ.

මූලාශ්‍රය :   1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය

වෙනස් කොට නොසැලකීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය,  දේශපාලන මතය, උපන් ස්ථානය හෝ වෙනත් කිසියම් හේතු මත කිසිදු පුද්ගලයෙකුට වෙනස් කොට සැලකීමක් සිදු නොකළ  යුතු වේ. සේවා නියුක්තියේදී අදාල කරුණු අනුව වෙනස් කොට සැලකීම වැලැක්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ කම්කරු නීති තුළ විශේෂ ප්‍රතිපාදන නොමැත. රැකියාව ආශ්‍රිත කටයුතු වලදී ආබාධිත පුද්ගලයන්ට එමෙන්ම වෘත්තිය සමිති කටයුතුවල යෙදෙන සේවකයන්ට වෙනස් කොට සැලකීම ද නීතිය මගින් තහනම් කර ඇත‍

රජය (විධායක පියවර) විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සෑම පුද්ගලයෙකුටම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කිරීමට අදාළ අයිතිය ලබා දෙයි. පුද්ගලයන්ට, පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් විසින් සිදුවෙන වෙනස්කම් සම්බන්ධයෙන් සහන වන්දි ලබා ගත හැකි ද යන්න පැහැදිලි නැත.

මුලාශ්‍රය :  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 12 සහ 17 වන වගන්තිය 

වෘත්තියක් තෝරාගැනීමේ සම අයිතිය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සෑම පුරවැසියෙකු හටම තමා විසින්ම හෝ අන් අය හා එක්ව ඕනෑම නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, වෙළඳාමක,ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නිරත වීමේ නිදහස ඇත්තේය. කෙසේ වුවද යම් යම් කම්කරු නීති මගින් පුරුෂයන් නිරත වන සමහර කර්මාන්ත වල කාන්තාවන් සේවයෙහි යෙදවීම තහනම් කර ඇත. (උදා : පතල් අංශය)

මූලාශ්‍රය :  1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14(1) උ වගන්තිය, 1937  කාන්තාවන් පතල්වල සේවයෙහි යෙදවීම පිළිබඳ ආඥා පනත 2 වගන්තිය, කර්මාන්ත ශාලා ආඥා පනත 86 වගන්තිය

සේවය කිරීමේදී සාධාරණ ලෙස සැලකීම පිළිබඳ රෙගුලාසි :

  • 1942 කර්මාන්තශාලා ආඥාපනත / 1942 ஆம் ஆண்டு தொழிற்சாலை கட்டளைச்சட்டம் / Factories Ordinance, 1942
  • 2010 වර්ෂය දක්වා සංශෝධනය කරන ලද පරිදි 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව / 1978 இலங்கை யாப்பு 2010 வரை திருத்தப்பட்டுள்ளது / The Constitution of Sri Lanka 1978, amended up to 2015
  • 1885 දණ්ඩ නීති සංග්‍රහය / குற்றவியல் சட்டக்கோவை 1885 / Penal Code, 1885
Loading...