මාතෘත්වය සහ සේවය

This page was last updated on: 20-01-18

මාතෘ නිවාඩු

මාතෘ නිවාඩු කාල පරිච්ඡේදය එකී නිවාඩු, පෝය නිවාඩු සහ ව්‍යවස්ථාපිත නිවාඩු දින හැර සති 12 කි. (දින 84 කි)  මෙම සති 12න් සති 2 ක් දරු ප්‍රසූතියට පෙර (දරු ප්‍රසූතිය සිදුවන  දිනයද ඇතුළුව) ලබා දිය යුතු අතර ඉතිරි සති 10 දරු ප්‍රසූතිය සිදු වූ දිනයෙන් පසු ලබා දිය යුතු වේ.

මාතෘ ප්‍රතිලාභ ආඥා පනත ප්‍රකාරව සියලුම වැඩ නොකරන දින ඇතුළත්ව සති 12ක මාතෘ නිවාඩු ලබා දිය යුතු වේ. (2018 ஆம் ஆண்டின் 15 ஆம் இலக்க) மகப்பேற்று நன்மைகள் (திருத்தச்) சட்டத்திற்கு இணங்கிய வகையில், ஓர் உயிருள்ள பிள்ளையின் பிறப்பாக இருந்தால், 12 வார மகப்பேற்று விடுமுறையும், உயிரற்ற பிள்ளைப் பிறப்பாக இருந்தால் 6 வார மகப்பேற்று விடுமுறையும் ஏற்புடையதாகும். மூன்றாவது அல்லது அதற்குப் பின்னரான பிறப்பு எண்ணிக்கையை அடிப்படையாகக் கொண்டு முன்பு விதிக்கப்பட்டிருந்த கட்டுப்பாடு நீக்கப்பட்டுள்ளது. இப்போது, முன்னைய பிள்ளைகளின் எண்ணிக்கை எதுவாக இருப்பினும், பிள்ளைப்பேற்றின் விளைவாக ஓர் உயிருள்ள பிள்ளை பிறக்குமாயின் பெண் வேலையாளர்கள் 12 வார மகப்பேற்று விடுமுறைக்கு உரித்துடையவர்களாவர்.

සාප්පු හා කාර්යාල සේවක (සේවා නියුක්තිය හා වේතනය නියාමනය කිරීම) (සංශෝධනය) සංශෝධන පනතට අනුකූලව, දරු ප්‍රසූතියකදී කාන්තා සේවිකාවන් හට දින 70 ක මාතෘ නිවාඩු සඳහා හිමිකම් ඇත. එම දරු ප්‍රසූතිය දී සජීවී දරුවෙකු බිහි නොකරන අවස්ථාවේදී එම නිවාඩුව දින 28 දක්වා අඩු කෙරේ.

තම දරු ප්‍රසුතිය මාසයක් තුළ නැතහොත් දින 14 ක් (සාප්පු හා කාර්යාල සේවක) තුළ සිදුවන බව තම  සේවායෝජකයාට දැනුම්දුන් පසු සේවිකාවට මාතෘ නිවාඩු ලබා දෙනු ලැබේ. දරු ප්‍රසූතිය සිදු වූ පසු සතියක් ඇතුළත ඇය විසින් තමා විසින් දරු ප්‍රසූතිය සිදු කරන ලද දිනය, ඇයට සේවයට නොපැමිණ සිටිය හැකි දින ගණන නිශ්චිතව ගණනය කිරීම සඳහා සේවායෝජකයා වෙත දැනුම්දිය යුතු වේ. තමාට සිටින දරුවන් සංඛ්‍යාවද ඇය විසින් නිශ්චිතව සඳහන් කළ යුතු වේ.

බහු දරු උපත් සිදුවීමකදී හෝ දරු ප්‍රසූතියට පසු රෝගී හෝ සංකුලතා තත්ත්වයන් ඇති වුනු අවස්ථාවකදී මාතෘ නිවාඩු කාල පරිච්ඡේදය දීර්ඝ කිරීම සඳහා ප්‍රතිපාදන නීතිය තුළ නොමැත.

මූලාශ්‍රය :  1939 මාතෘ ප්‍රතිලාභ පනත 02 වගන්තිය; 1954 සාප්පු හා කාර්යාල සේවක පනත 18 (ආ) වගන්තිය; වර්ෂ 2018 හි අංක 14 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවා නියුක්තිය හා වේතනය නියාමනය කිරීම) (සංශෝධනය) සංශෝධන පනත, වගන්තිය 2(2)

ආදායම

සාප්පු හා කාර්යාල සේවක පනත අනුව මාතෘ නිවාඩු පූර්ණ වැටුප් සහිත නිවාඩු වන අතර මාතා ප්‍රතිලාභ ආඥා පනත යටතේ අදාළ කාල පරිච්ඡේදය සඳහා වන සේවකයාගේ වැටුපෙන් 6/7 ක් (86%) ගෙවනු ලැබේ.

දරු ප්‍රසූතිය පිලිබඳව සේවිකාව විසින් සේවා යෝජකයාට ඇය ප්‍රතිලාභ ඉල්ලා සිටින සේවායෝජකයා යටතේ, වසරක් තුළ අවම වශයෙන් දින 150 ක් සේවය කර ඇති සේවිකාවකට, ඇය දරු ප්‍රසූතියට පෙර සේවායෝජකයාට දැනුම්දෙන දිනට කලින් වහාම ප්‍රතිලාභ සපයනු ලැබේ.

முன்னர், சட்டத்தில் பெண் வேலையாளர்களுக்கான 12 வார மகப்பேற்று நன்மைகள் முதலாம் மற்றும் இரண்டாம் பிள்ளைகளுக்கு மாத்திரம் மட்டுப்படுத்தப்பட்டிருந்தது. (2018 ஆம் ஆண்டின் 15 ஆம் இலக்க) மகப்பேற்று நன்மைகள் (திருத்தச்) சட்டம் இந்த மட்டுப்படுத்தலை நீக்குகின்றது. இப்போது மகப்பேற்று நன்மைகளிலுள்ள வேறுபாடு (12 வாரங்கள் அல்லது 6 வாரங்கள்) முற்றிலும் உயிருள்ள அல்லது உயிரற்ற பிள்ளைப் பிறப்பை அடிப்படையாகக் கொண்டுள்ளது.

මූලාශ්‍රය : සාප්පු හා කාර්යාල සේවක පනත 18(ඇ) වගන්තිය, මාතෘ ප්‍රතිලාභ ආඥා පනත 35 වගන්තිය

නොමිලේ වෛද්‍ය රැකවරණ

2000 සෞඛ්‍ය සේවා පනත යටතේ මාතෘ නිවාස ස්ථාපනය කර ඇත. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථානය කර ඇති පවුල් සෞඛ්‍ය කාර්යාංශය දරු උපතට පෙර දරු උපත සිදුවූ පසු සෞඛ්‍ය ආරක්ෂණය ලබාදීම පිළිබඳ වගකීම උසුලයි. මෙම වෛද්‍ය රැකවරණය සියලු දෙනා හට නොමිලේ ලබා ගත හැකිය.

ශ්‍රම වාස්නා අරමුදල් පනත මගින් වෛද්‍ය සහ වෙනත් පහසුකම් සපයයි, විමර්ශන ආරම්භ කරන විටකදී සේවකයින් හට සහාය වෙයි, දුෂ්කර අවස්ථාවන් හිදී ඔවුන් හට මූල්‍ය ආධාර ලබා දෙන අතරම සේවකයින්ගේ සුභසාධනය කෙරෙහි ද අවධානය යොමු කරයි. ඔවුන් සේවය කරන ආයතන පූර්ව දැනුම්දීමකින් තොරව වසා දමන්නේ නම් මූල්‍ය ආධාර ද ලබා දෙන්නේය.

මූලාශ්‍රය: වර්ෂ 2000 සෞඛ්‍ය සේවා පනත, වාස්නා අරමුදල් පනත, වගන්තිය 6

මාතෘත්වය සහ සේවය පිලිබඳ රෙගුලාසි :

  • 1954 සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත / கடைகள் மற்றும் அலுவலக பணியாளர்கள் சட்டம் 1954 (வேலைவாய்ப்பு மற்றும் ஊதியம் பற்றிய ஒழுங்குவிதிகள்) / Shop and Office Employees (Regulation of Employment and Remuneration) Act, 1954
  • වර්ෂ 2000 සෞඛ්‍ය සේවා පනත / 2000 ஆம் ஆண்டு ஆரோக்கிய சேவைகள் சட்டம் / The Health Services Act, 2000
  • 1939 මාතෘ ප්‍රතිලාභ ආඥාපනත / 1939 ஆம் ஆண்டு மகப்பேறு நன்மை கட்டளைச்சட்டம் / Maternity Benefits Ordinance, 1939
Loading...