මව්කිරි දීම

This page was last updated on: 20-05-04

මව්කිරි දීම

සාප්පු හා කාර්යාල සේවක පනත අනුව කිරි දීම සඳහා විවේක කාලයකට හිමිකම නොලැබේ. කෙසේ වුවද මාතෘ ප්‍රතිලාභ ආඥා පනත අනුව දරුවාගේ වයස අවුරුදු 1 ක් වන තුරු වැඩ කරන දිනයක පැය 9 ක කාල පරිච්ඡේදයක් තුළදි අවම වශයෙන් විනාඩි 30 ක් බැගින් කාල පරිච්ඡේද 2ක් කිරි දීම සඳහා ලබා දෙනු ලැබේ.

දරුවන්ට කිරි දීම සඳහා අවශ්‍ය පහසුකම් සේවා යෝජකයා විසින් සේවිකාවන් හට ලබා දිය යුතු වේ. සේවායෝජකයා විසින් පෝෂණාගාරයක් හෝ වෙනත් කිසියම් සුදුසු ස්ථානයක් සපයනු ලැබේ නම් එක් එක් කිරිදීමේ විරාම කාලය විනාඩි 30 ක් වන අතර එසේ නොවන්නේ නම් එය පැයකට වඩා අඩු නොවිය යුතුය.

ආහාර හෝ විවේකගැනීම සඳහා ලබා දෙනු ලබන විරාම කාලයට අමතරව කිරි විවේක කාලය ලබා දිය යුතු අතර එම කාලය, සේවය කළ කාලයන් ලෙස සලකනු ලැබේ.

මූලාශ්‍රය : මාතෘ ප්‍රතිලාභ ආඥා පනත 12(ආ) වගන්තිය

Loading...