වාර්ෂික නිවාඩු සහ සතියේ සහ රජයේ නිවාඩු දිනවල සේවයේ නිරත වීම

This page was last updated on: 20-05-04

වැටුප් සහිත නිවාඩු / වාර්ෂික නිවාඩු

මීලග කැලැන්ඩර් වර්ෂය ආරම්භ වන විට වාර්ෂික නිවාඩු ලබාගැනීමේ හිමිකම සේවකයෙකුට ඇත. රැකියාව අරඹන ලද දිනය / මාසය අනුව පළමු වාර්ෂික නිවාඩු කාල පරිච්ඡේදය කොපමණ  දින ගණනක් ලබා ගත හැකිද යන්න තීරණය කරනු ලැබේ.  දෙවන වසරේ සිට ඉදිරියට මාස 12ක අඛණ්ඩ සේවා කාලයක් සම්පුර්ණ කිරීමෙන් අනතුරුව දින 14ක වාර්ෂික වැටුප් සහිත නිවාඩුවකට සේවකයෙක් හිමිකම් ලබයි. තම රැකියාව ආරම්භ කළ කාලය අනුව පළමු වර්ෂය සඳහා පහත සඳහන් ආකාරයට වාර්ෂික නිවාඩු ලැබීමට සේවකයෙක් හිමිකම් ලබයි.  

-  ජනවාරි 01 දින හෝ ඉන් පසුව එනමුදු අප්‍රේල් මස 01 දිනට රැකියාව ආරම්භ කර ඇත්නම් දින 14  

-  අප්‍රෙල් මස 01 දින හෝ ඉන් සුව එනමුදු ජුලි මස 01 වැනි දිනට පෙර රැකියා අරඹා ඇත්නම් දින 10  

-   ජුලි මස 01 දින හො ඉන්පසුව එනමුදු ඔක්තෝබර් 01 වැනි දිනට පෙර රැකියාව අරඹා ඇත්නම් දින 07

-  ඔක්තෝබර් මස 01 දින හෝ ඉන්සුව රැකියාව අරඹා ඇත්නම් දින 04 යි.  

වාර්ෂික නිවාඩුවට හිමිකම් ලබන දින සිට මාස 12ක් ඇතුලත සේවකයෙකු විසින් තම වාර්ෂික නිවාඩුව ලබා ගත යුතු වේ. වාර්ෂික නිවාඩු  කාලසටහන සේවායෝජකයා සහ සේවකයා අතර අන්‍යොන්‍ය  එකඟතාවයෙන් තීරණය කරනු ලැබේ. එය බෙදනුලැබිය හැකි මුත් අවම කාලපරිච්ඡේදය දින 07ට  අඩු නොවිය යුතුය. වාර්ෂික නිවාඩු කාල පරිච්ඡේදය තුළදී සේවයෙහි නිරත වන ලෙස සේවකයන්ට බල කිරීමට සේවා යෝජකයාට අවසර දෙනු නොලැබේ.

සේවකයෙකු වාර්ෂික නිවාඩු බුක්ති විඳීමට පෙර සේවා නියුක්ති ගිවිසුම අවසන් වේ නම් පසුගිය අවුරුද්දට අදාළව තමා උපයා ගත් වාර්ෂික නිවාඩු සහ සේවය අවසන් කරන වර්ෂයට අදාල වාර්ෂික නිවාඩු යන දෙකෙහිම එකතු කළ දින ගණන බුක්ති විඳීමේ හිමිකම සේවකයෙකු හට ඇත.

වැටුප් මණ්ඩල ආඥා පනත යටතේ, ඉහල පෙළේ වාර්ෂික නිවාඩු(දින 21 දක්වා) වැටුප් මණ්ඩල විසින් සමහර ගනුදෙනු සඳහා සපයා ඇත.

මූලාශ්‍ර ය :  1954 සාප්පු හා කාර්යාල සේවක (සේවා නියුක්ති හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත

රජයේ නිවාඩු දින සඳහා ගෙවීම්

වැටුප් සහිත උත්සව (රජයේ සහ ආගමික) නිවාඩු දින සඳහා සේවකයාට හිමිකම ඇත. කැලැන්ඩර් වර්ෂය ආරම්භයේදී ශ්‍රී ලංකා රජය විසින් උත්සව නිවාඩු දින නිවේදනය කරනු ලැබේ. (සාමාන්‍යයෙන් සංඛ්‍යාව 16 කි) 1971 අංක 29 දරන නිවාඩු දින පනත ප්‍රකාරව රජයේ නිවාඩු දින පාලනය කරනු ලැබේ. 1985 සාප්පු හා කාර්යාල සේවක (සේවා නියුක්තිය හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත ද පුර පසලොස්වක පෝය දින  හා අනිකුත් රජයේ නිවාඩු දින 8ක් සඳහා  විධිවිධාන සලසයි. සතියේ විවේක දිනයක රජයේ නිවාඩු දිනයක් යෙදේ නම් අතිරේක නිවාඩු දිනයක් ලබා දෙනු නොලැබේ.

රජයේ නිවාඩු දිනවලට පහත සඳහන් නිවාඩු දින ඇතුලත් වේ.

තයිපොංගල් දිනය, ජාතික දිනය (පෙබ. 04), සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය, සිංහල හා දෙමළ අලුත් අවුරුදි දිනය, මැයි දින (මැයි 01)‍  වෙසක් පුර පසලොස්වක දිනය (මැයි 03) වෙසක් පුර පසලොස්වක දිනට පසු දිනය, සිංහල වෙසක් මාසය තුළ (මැයි 4) පොසොන් පුරපසලොස්වක දිනය (ජුනි 02) අධි ඇසල පුර පසලොස්වක දිනය (ජුලි 01) ඉද් උල් පීතර් (ජුලි 18), බිනර පුර පසලොස්වක පොහොය දිනය (අගෝස්තු 29), වප් පුර පසලොස්වක පොහොය දිනය (ඔක්තෝබර් 27), දීපවාලි උත්සව දිනය (නොවැම්බර් 10), ඉල්  පුර පසලොස්වක පොහොය දිනය (නොවැම්බර් 25), මිලා උන් නබි (දෙසැම්බර් 24), උඳුවප් පුර පසලොස්වක පොහොය දිනය (දෙසැම්බර් 24), නත්තල් දිනය (දෙසැම්බර් 25)

මූලාශ්‍රය :  1954  සාප්පු හා කාර්යාල සේවක (සේවා නියුක්තිය හා පාරිශ්‍රමික රෙගුලාසි ) පනත :  1971 අංක 29 දරණ නිවාඩු දින පනත

සතිපතා විවේක දින

සම්පුර්ණ පාරිශ්‍රමිකය සහිතව සතියකට දින එක හමාරක විවේක නිවාඩුවකට සේවක‍යෝ හිමිකම් ලබති. අතිකාල කාලය හැර පැය 28කට අඩු කාලයක් සේවය කර ඇති සේවකයෝ මෙකී සම්පූර්ණ පාරිශ්‍රමකයට හිමිකම් නොලබති. සතිපතා විවේක දිනය පනතෙහි නිශ්චිතව සඳහන් කර නොමැත. ව්‍යාපාරයේ ස්වභාවය සහ පෙර ඇති නොවූ ආකාරයේ තත්ත්වයන් ඇති විම වැනි සාධක මත මෙකී විවේක දිනයන් කල්දැමිය යුතු බවට කොමසාරිස්වරයාට සෑහීමට පත් විය හැකි ලෙස සනාථ කෙරේ නම් මෙම විවේක දිනය කල්  දැමීම හෝ සති 5කට වරක් ලබාදිය හැකිය. 1954 

මූලාශ්‍රය :   සාප්පු සහ කාර්යාල සේවක පනත 6 වගන්තිය

සේවය සහ නිවාඩු දින පිළිබඳ රෙගුලාසි :

  • 1954 සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත / கடைகள் மற்றும் அலுவலக பணியாளர்கள் சட்டம் 1954 (வேலைவாய்ப்பு மற்றும் ஊதியம் பற்றிய ஒழுங்குவிதிகள்) / Shop and Office Employees (Regulation of Employment and Remuneration) Act, 1954
Loading...