සේවය සහ අසනීප තත්ත්වය

This page was last updated on: 20-05-04

වැටුප් සහිත ලෙඩ නිවාඩු

සාප්පු හා කාර්යාල සේවක පනත ප්‍රකාරව වෛද්‍ය නිලධාරියෙකුගේ නිර්දේශය මත සෑම සේවකයෙකු හටම පුද්ගලික කටයුතු, අසනීප තත්ත්වයන් හෝ වෙනත් කිසියම් සාධාරණ හේතුවක් සඳහා දින 07 ක කාලපරිච්ඡේදයක් සඳහා වැටුප් සහිත (මාස 12කදී) අසනීප නිවාඩු (අසනීප ප්‍රතිලාභ) හිමි වේ. මෙම නිවාඩු සාමාන්‍යයෙන් අනියම් නිවාඩු ලෙස හැඳින්වේ. අනියම් නිවාඩු සාමාන්‍යයෙන් වරකදී දින භාගයක්, එකක් හෝ ඊට වැඩියෙන් ලබා දෙනු ලැබේ. දීර්ඝකාලීන අසනීප තත්ත්වයක් මෙයට ඇතුළත් නොවේ. අසනීප තත්ත්වය හේතු කොට ගෙන වෛද්‍ය නිවාඩු ලබාදීම පිළිබඳ විශේෂ විධිවිධාන අභ්‍යාසලාභීන් සේවයෙහි යෙදවීම (පුද්ගලික අංශය) පිළිබඳ පනතෙහි අඩංගු වේ. ලියාපදිංචි වෛද්‍ය  නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකයක් සමග අයදුම්පතක් ඉදිරිපත් කළ විට අභ්‍යාසලාභියෙකු හට තමනට හිමි  සම්පූර්ණ දීමනා සහිතව දින  07 කාලපරිච්ඡේදයක් සඳහා එකවර හෝ වරින් වර අසනීප නිවාඩු හිමි වේ.

මුලාශ්‍රය :   සාප්පු හා කාර්යාල සේවක පනත 6  (3 හා 4 ) වගන්තිය, අභ්‍යාසලාභීන් සේවයෙහි යෙදවීම (පුද්ගලික අංශය) පනත 6 වගන්තිය

වෛද්‍ය රැකවරණය

වෛද්‍ය ප්‍රතිලාභ නොමිළයේ සියලු පුරවැසියන් සඳහා ලබා ගත හැකිය. සාමාජිකයන් "ශ්‍රමසුව රැකසරණ" හරහා රෝහල්ගත වෛද්‍ය වැඩසටහන හරහා වෛද්‍ය ප්‍රතිලාභ සපුරා ගැනීමට සුදුසුකම් ලබා ඇත.සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් පනතට අනුව සේවා යෝජකයා එක් එක් සේවකයාගේ ඉපැයීමෙන් 3%ක් අරමුදලට මාසිකව, මාසයේ අවසාන වැඩ කරන දිනට පෙර  ප්‍රේෂණය කළ යුතු අතර, ඉහත ප්‍රතිලාභ විවිධ වරප්‍රසාද භුක්ති විඳීමට සාමාජිකයන්ට හැකිවේ.

රෝහල්ගත ප්‍රතිකාර යෝජනාක්‍රමය සාමාජිකයන්හට රෝහල් වියදම් ප්‍රතිපූරණය කර ගැනීමට ඉඩ සකසයි. මෙම යෝජනා ක්‍රමය සඳහා අදාළ කොන්දේසිවලට යටත්ව (දායක මුදල් අවම වශයෙන් අවුරුදු 5ක් සඳහා ගෙවා තිබිය යුතුය) සාමාජිකයන් විසින් වසරකදී රුපියල් 25,000 ප්‍රතිකාර විෂයේ වියදම් වලට හිමිකම් ලබා ඇත.( රැකියා කාලය තුළ උපරිම මුදල : රුපියල් 50,000).

ශ්‍රම වාස්නා අරමුදල් පනත මගින් වෛද්‍ය සහ වෙනත් පහසුකම් සපයයි, විමර්ශන ආරම්භ කරන විටකදී සේවකයින් හට සහාය වෙයි, දුෂ්කර අවස්ථාවන් හිදී ඔවුන් හට මූල්‍ය ආධාර ලබා දෙන අතරම සේවකයින්ගේ සුභසාධනය කෙරෙහි ද අවධානය යොමු කරයි. ඔවුන් සේවය කරන ආයතන පූර්ව දැනුම්දීමකින් තොරව වසා දමන්නේ නම් මූල්‍ය ආධාර ද ලබා දෙන්නේය. 

මූලාශ්‍රය: ISSA ජනපද ආකෘතිය; http://www.etfb.lk/sub_pgs/ben_statutory_eligibility.html ; ශ්‍රම වාස්නා අරමුදල් පනත, වගන්තිය 6

අසනීප තත්ත්වයන් තුළදී රැකියා සුරක්ෂිතතාව

සියලුම පුරවැසියන්ට නොමිලේ වෛද්‍ය ප්‍රතිලාභ ලබාගැනීමේ හිමිකම ඇත.

මූලාශ්‍රය :  ISSA දේශීය තොරතුරු සංග්‍රහය

සේවය සහ අසනීප තත්ත්වය පිලිබඳ රෙගුලාසි :

  • 1954 සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත / கடைகள் மற்றும் அலுவலக பணியாளர்கள் சட்டம் 1954 (வேலைவாய்ப்பு மற்றும் ஊதியம் பற்றிய ஒழுங்குவிதிகள்) / Shop and Office Employees (Regulation of Employment and Remuneration) Act, 1954
  • 1934 සේවක වන්දි ආඥා පනත / 1934 ஆம் ஆண்டு பணியாளர்களின் நட்டஈட்டு கட்டளைச்சட்டம் / Workmen's Compensation Ordinance, 1934
Loading...